Spread the love

ඇල්පිටිය කොටකිරල ප්‍රදේශයේ බෙන්තර ගඟේ අතු ගංඟාවක් වන ඇල්පිටිය ඇල ආශ්‍රිතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 8 ක් වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 8 දෙනෙකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 82500 ක්, ගෝඩා මිලි ලීටර් 1 44 000 ක් බැරල් 20 ක් දගර 8 ක් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.


සැකකරුවන් ඉතා රහසි ගතව මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් ඇති අතර නිෂ්පාදිත මත්පැන් ඇල්පිටිය ,අවිත්තාව ,පිටිගල යන ප්‍රදේශ වලට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම ,මතුගම හා වලල්ලාවිට යන ප්‍රදේශවලට බෙදා හරින බව සැකකරුවන් සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වු සුරාබදු සහතික ඇපමත මුදා හැර ඇති අතර ඉදිරියේදී ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.


සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේ උපදෙස් මත,දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි ,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ , දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා ගේ අධීක්ෂණය යටතේ ,අයි.පී.ආර් චන්න කුමාර,ලක්ෂාන් පෙරේරා,සැරයන් මලින්ද සදරාජ්,සහන් පෙරුමාබදු ,රජිත මිහිරංග ,රොහාන් බුදධික,මිහිරාන් එදිරිවීර,රියදුරන්වන ප්‍රසාද් සමන්ත,හර්ෂ විදුරංග,බී.එල්.ටී නිරෝෂන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

,