කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොරෝනා වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරස වේදීන් පෙන්වා දී තිබෙන අතර ඇමරිකානු සරසවියේ පරීක්ෂණයකින් නවතම සොයා ගැනීම වාර්තාවෙයි
මේ වන විට පැතිරෙන සියලුම කොරෝනා ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි මේ ආකාරයෙන් වයිරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.
මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොරෝනා වෛරසයට ද එහි විපරිත මාදිලියටද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහය ට හැකි වූ බව සනාථ වී ඇත.
