Spread the love

කොරෝනා රෝගීන්ට ලබාදිය හැකි බෙහෙත් පෙත්තක් ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මර්ක් සමාගම නිෂ්පාදනය කර ඇතැයි වාර්තාවේ .

තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින මෙම පෙත්ත මගින් කොරෝනා වැළදුණු රෝගීන් රෝහල් ගතවීම හා මරණයට පත්වීම 50% කින් අවම කිරීමට හැකියාව පවතින බවද එම ඖෂධ සමාගම පවසනවා
මාර්ක් සමාගම සමග එක්ව කටයුතු කරන රිජ්බැක් සමාගම නව බෙහෙත් පෙත්තට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද වාර්තාවේ .
දැනටමත් අදාල බෙහෙත් පෙත්ත පරීක්ෂා කිරීමට ලොවපුරා පුද්ගලයින් යොදාගෙන පැය 12 ක් වරක් දින 5 ක් කාලයක් ඖෂධ භාවිතා කර ඇතැයිද වාර්තාව වේයි.