Spread the love

මෙරට සියළු පුරවැසියන් කොරෝනා මර්දන එන්නත් අනිවාර්යයෙන් ලබා ගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ එන්නත් ලබා ගැනීමට කැමැත්ත දක්වන්නේනම් පමණක් ඕනෑම පුද්ගලයෙකුට එය ස්වේච්ඡාවෙන් නොමිලේ ලබාගත හැකි බව පැවසීය.

එන්නත ලබා ගැනීම තුළින් තම සෞඛ්‍යයට යම් ආරක්ෂාවක් ලැබෙන බව සදහන් කළේය.

එමගින් කොරෝනා වෛරසය හේතුවෙන් අකාලයේ මිය යන ජීවිත ප්‍රමාණය වුවද රැකගැනීමට හැකියාව ඇතිබව වැඩිදුරටත් පැවසීය.