Spread the love

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අදින්(05) පසුව අවසර හිමිවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර ඤාතීන්ට බාරදෙන අතර ඒ අයගේ කැමැත්ත මත අවසන් කටයුතු සිදු කළ හැකි බවද පැවසුවේය.

මීට පෙර කොරෝනා ආසාදිත මෘත ශරීර භූමදානය කෙරුණේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පමණක් බව පැවසීය.