නිමල් රාජපක්ෂ-
කොල්ලුපිටිය ප්‍රදේශයේ කැසිනෝ සමාජ ශාලාවක් වටලා රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් තොගයක් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් බෝතල් 100 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යයන හා පර්යේෂණ)_ ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා පවසයි.
සමාජ ශාලාව මහල් 3 කින් සමන්විත අතර එහි මත්පැන් පීඨිකා 5 ක් පවත්වාගෙන ගොස් ඇති තිබේ. විදේශීය මත්පැන් ලීටරයක් සදහා පනවන ලද බදු මුදල රුපියල් 7525 ක් වෙයි. මේ ආකාරයෙන් මත්පැන් බලපත්‍ර ලත් ස්ථානයක බලපත්‍ර කොන්දේසි කඩකරමින් තීරු බදු නොගෙවු මත්පැන් අලෙවි කිරීමේන් රජයට විශාල බදු ආදායමක් අහිමිවෙයි. අදාල බලපත්‍ර ලාභියා බලපත්‍ර කොන්දේසි කඩකිරීම හේතුවෙන් කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදි පෙරවැරදි සලකා බලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතා වෙත ඉදිරිපත් කොට බලපත්‍රය අත්හිටුවීමට හෝ සමථ ගාස්තුවක් (දඩ වශයෙන්) අයකර ගැනීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර මහතාගේ අධික්ෂණය යටතේ ,කොළඹ නගරය 11 සුරාබදු අධිකාරි පී.එන් . හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් , දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ,පාදුක්ක සුරාබදු ස්ථානයේ නිලධාරීන් , ජයවර්ධනපුර සුරාබදු
ස්ථානයේ නිලධාරීන් හා ප්‍රධාන කාර්යාලයේ සුරාබදු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැටලිම සිදු කළහ.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න