ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය පිළිබද ව නවසීලන්ත රජය සිය ප්‍රසා දය පළ කරයි.
නවසීලන්තයේ මෙරට මහකොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවක දී නවසීලන්ත මහකොමසාරිස්වරයා මේ බව සදහන් කළේය.
මේ වන විට සමස්ථ ජනගහණයෙන් 70% කට වැඩි පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන්
90%කටත් වැඩි පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවත්, මේ වන විට වයස අවුරුදු 20-30 ත් අතර සහ 15-20 ත් අතර කණ්ඩුයම් වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදු කරන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
රජය කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසු රණතුංග මහතා ඒ සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම අංශයන් ගෙන යන වැඩපිළිවෙල මහකොමසාරිස්වරයාට පැහැදිලි කර දුන්නේය.
එය ඉහළින් අගය කළ නවසීලන්ත මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම විටක දී කොවිඩ් මර්දන කටයුතු සදහා සහාය දීමට සුදානම් බව ද සදහන් කලේය.
