ඇමරිකා එක්සත් ජනපදයේ මර්ක් සමාගමේ නිෂ්පාදනයක් වන “මොල්නුපිරවීර් (Molnupiravir)” ඖෂධය COVID 19 රෝගීන් සඳහා යොදා ගැනීමට මහා බ්‍රිතාන්‍ය අනුමැතිය ලබා දී ඇත.
මෙය COVID 19 රෝගය සඳහා මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ඖෂධයකට අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාවයි.
මෙකී ඖෂධය ශ්‍රී ලංකාව තුළ යොදා ගැනීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
මේ පිළිබඳ විමසමින් පසුගිය මාසයේ 11 දින රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිපිය මේ සමඟ දක්වා ඇත.
මෙකී ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතුද,එසේනම් ඒ කවර දිනකද, කුමන ඖෂධ ප්‍රමාණයක් ගෙන ආ යුතුද යන වග විමසමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID 19 රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේ මතය කඩිනමින් ලබා දෙන ලෙස අද දින (05) නැවතත් දන්වන ලදි.
