Spread the love

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (10) රාත්‍රි 10.00 සිට හෙට(19) පෙරවරු 08.00  දක්වා පැය 10 කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව ඇතුල්කෝට්ටේ ,පිටකෝට්ටේ,බැද්දගාන,මිරිහාන,මාදිවෙල ,තලපත්පිටිය ,උඩහමුල්ල,ඇඹුල්දෙණිය,නුගේගොඩ, පාගොඩ ප්‍රදේශ වලටත් විජේරාම මංසන්ධියේ සිට 07 වැනි සැතපුම් කණුව දක්වාත්,හයිලෙවල් මාර්ගයේ සියලු අතුරු මාර්ග,නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත්ත විශ්ව විද්‍යාලය දක්වා කොටස සහ අතුරු මාර්ග වල ජල කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

 වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.