Spread the love

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා(18) රාත්‍රි 11.00 සිට ඉරිදා(19) පස්වරු 03.00  දක්වා පැය 16 කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව එම කාලය තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.මේ අතර කොළඹ 04 ප්‍රදේශයට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.