Spread the love

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් (04) හෙට රාත්‍රි 10.00 සිට (05) අනිද්දා පෙරවරු 05.00  දක්වා පැය 07 කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව ඇතුළු කෝට්ටේ,පීටකෝට්ටේ,බැද්දගාන,මිරිහාන ,මාදිවෙල,තලපත්පිටිය,උඩහමුල්ල,ඇබුල්දෙණිය,නුගේගොඩ ,පාගොඩ,විජේරාම සහ නුගේගොඩ මංසන්දියේ සිට නාවල විවෘත්ත විශ්ව විද්‍යාලය දක්වා මාර්ග වල ජල සැපයුම විසන්ධි කෙරෙන බව සදහන් කරයි.

මේ අතර නළ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රි 09.00 සිට අනිද්දා පෙරවරු 06.00 දක්වා පැය 09 කාලයක් කොළඹ සහ කඩුවෙල ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සැපයීමට සිදුවන එම මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ කඩුවෙලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය