Spread the love

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට නියමිතයි. මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් සැපයුම අත්හිටුවන බවයි බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.