Spread the love


කොවියිඩ්-19 වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර තිබු කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දින 318 කට පසු ඊයේ සිට යළි ධාවනයට එක්කල බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

පසුගිය වසරේ මැයි මස 05 වන දින සිට නවතා දමා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය යලි නිදන මැදිරි හා තැපැල් මැදිරිය ද සහිතව යලි ඊයේ ( 19) සිට නැවත අඛණ්ඩව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගැණින.

මෙම දුම්රිය ධාවනය නොවිම හේතුවෙන් තැපැල් කටයුතු වලට හා මල් ඇතුලු පාර්සල් ප්‍රවාහන කටයුතු වලට විශාල වශයෙන් බාධා මතුවි තිබිණ .
නමුත් යලි එම සේවාවන් ක්‍රියාත්මක වීමත් සමගින් පළමුවන පංතියේ ඇදන් සහිත නිදන මැදිරිය ඉවත් කොට ඒ වෙනුවෙන් පළමුවන පංතියේ ආසන යොදා ධාවනය කිරීමට පාලනාධිකාරිය සැලසුම් කල ද කෙසේ හෝ අවසානයේ ඇදන් සහිත නිදන මැදිරි සහිතව බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයට එක් කොට ඇත.

තවමත් කොළඹ සිට ධාවන වන යාපනය ,තලෙයිමන්නාරම හා මඩකලපුව / ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියයන් ධාවනය කිරීමට කටයුතු යොදා නැති අතර එම දුම්රියයන් ද කඩිනමින් ධාවනයට එකතු කිරීමට අපේක්ෂා කරන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.