Spread the love

නිමල් රාජපක්ෂ

රුපියල් කෝටි ගණනක් වටිනා හදුනා නොගත් අයිස් වැනි මත්ද්‍රව්‍ය තොගයක් ගල්ගමුව ප්‍රදේශයේ පාලුවට ගිය ගල් කොරියක් අසළ පිහිටිගබඩාවකින් සොයා ගැනීමට නාත්තන්ඩිය සුරාබදු නිලධාරින් සමත්වි ඇත.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාට ලද තොරතුරකට අනුව සහකාර සුරාබදු කොමසාරිස් උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත, කොළඹ නගරය 11 සුරාබදු නිලධාරීන් හා නාත්තන්ඩිය සුරාබදු නිලධාරීන් එක් ව සිදු කල වැටලීමේදී අයිස් වැනි මත්ද්‍රව්‍ය කිලෝ එකක තොගයක් සොයා ගත් අතර ඒවා කුඩා අංශ ප්‍රමානයකට ජල බිදුවක් වැටුණු විට ඒවා ප්‍රසාරණය වී තලපයක් බවට ගත්වන බවද නාත්තන්ඩිය සුරාබදු අධිකාරි ඒ.ආර්. ලැම්බට් පෙරේරා මහතා පවසයි


සැකකරුවන් ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු මගින් මෙම මත්ද්‍රව්‍ය කල්පිටිය ප්‍රදේශයට රැගෙනවිත් බෙදා හැරීම සදහා ගල්ගමුව බුලත් වැව ප්‍රදේශයේ අතහැර දමාතිබු ගල්කොරියක් අසල ගබඩාවක සගවා තිබු බව ද ලම්බට් මහතා වැඩි දුරටත්පැවසුවේය.
අදාල මත්ද්‍රව්‍ය තොගය මේවනවිට ශ්‍රී ලංකා අන්තරාය ඹෟෂධ පාලක ජාතන මණ්ඩලය වෙත යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියේජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පැවසුවේය.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න