Spread the love

එක් කෝටී අනූපන් ලක්ෂයක් වියදමකින් දුම්රිය ස්ථානාධිපති විභාගය පවත්වා දුම්රිය ස්ථානාධිපතිවරුන් 29 දෙනෙකු බදවා ගෙන ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩුවට 2015 වසරේදී 290- දෙනෙකු බදවා ගෙන ඇත. නමුත් කෝටි ගනණක් වැය කොට විභාග පැවැත්වුවද දැනට තිබෙන පුරප්පාඩු පුරවා නොමති අතර ඉන්න ටික දෙනාට සේවය කිරිමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී තිිබේ..මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරු න් 250 කගේ පුරප්පාඩුවක් පවතී.මන්ද මේ වන විට මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය ඉදිකිරීම තලෙයිමන්නාම් මාර්ගය ප්‍රතිසංස්කරණ කොට ධාවනයට එක් කිරීම මත නව දුම්රිය ස්ථාන ඉදි වූ අතර මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් 250 කට ආසන්න සංඛයාවකගේ පුරප්පාඩුවක් පවතී.

කලමණාකාර සේවා දෙපාර්තමේන්තු 2013 වාර්තා අනුව අනුමත දුම්රිය ස්ථානාධිපති සංඛ්‍යාව 1050කී. 2017 සහ 2021 වර්ෂවලදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියමිත සේවක සංඛයාවේ සමාලෝචනයක් සිදු කල වු ද මේ දක්වා එය නියමිත පරිදි සිදු කොට නැත. එමෙන්ම සේවා අවශ්‍යතාවය මත 2017 වර්ෂයේ දී දුම්රිය ස්ථානාධිපති ප්‍රමාණය ඉහල දමා තිබුනද ඒ සඳහා කලමණාකාර සේවා දෙපාර්තමේන්තු අනුමැතිය හිමිව නැත.
දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු පිරවීම සඳහා 2019 වර්ෂයේ දි ගැසට් කර 2021 වර්ෂයේ අදාල විභාගය එක් කෝටී අනුපන් ලක්ෂක් වියදම් කොට අයඳුම්කරුවන් 29,399 දෙනෙකු සඳාහා විභාගය දීපව්‍යාප්තව පවත්වා මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් අදාල ප්‍රතිඵල නිකුත් කොට ඇත. කලමණාකාර සේවා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ නව බඳවාගැනීම් සිදු කිරිමට අනුමැතිය ලබා නොදීම මත විශාල මුදලක් වියදම් කොට පැවත්වූ විභාගය පදනම් කර ගනිමින් මේ වන විට දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා බඳවාගැනීමට හැකියාව ඇත්තේ අයඳුම්කරුවන් 29 දෙනෙකු පමණී.

මෙම ගැටලු සම්බන්ධයෙන් දුන්නේ පාලනාධිකාරිය දැනුවත් කොට ඇති අතර ප්‍රවාහන අමාත්‍යතුමාගේ ද අවධානය මේ වෙනුවෙන් යොමු කොට ඇත. පවතින පුරප්පාඩු සඳහා මෙම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති අයඳුම්කරුවන්ගේ බඳවාගැනීමට අවශ්‍ය කටයුතු ප්‍රවාහන අමාත්‍යතුමා සිදු කරනු ඇතැයි අප අපේක්ෂා කරන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.