Spread the love


සංචරණ සීමා පැනවිමත් සමගින් තනමල්විල ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් බස්නාහිර පලාතට ගංජා ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක වගා කර තිබු ගංජා පැල තවානක් වටලා එක් සැකකරුවක් ජාඇල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අඩි අටක් දහයන් උසට වැඩුණු ගංජා ගසක් කපා වියලා රුපියල් හැත්තෑදහසක් වැනි මිලකට අලෙවි කොට ඇතැයිද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බව ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ .ඩී ඉන්ද්‍රනාත් මහතා පවසයි.


හොදින් වැඩුණු එක් ගසක් කපා ගංජා වියලා කිලෝ දෙකක් පමණ මෙසේ අලෙවි කොට ඇති අතර එම ගංජා ගසේ ඉතිරි කොටස් ද එහි තිබි සුරාබදු නිලධාරී සොයා ගෙන තිබේ. මීට අමතරව අදාල නිවසේ පෝර උරවල මෙම ගංජා පැල තවාන් දමා තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.

පලාත් අතර සංචරණ සිීමා පැනවීමත් සමගින් ඇඹිලිපිටිය ප්‍රදේශවල සිට කොළඹට ගංජා ප්‍රවාහනය සිදු නොවන බැවින් සිය ජාවාරම ඉතා සුක්ෂමව පවත්වාගෙන යාම සදහා මෙසේ පැල තවාන් දැමු බවද සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද(14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,පරීක්ෂක ලක්මාල් බණ්ඩාර,සැරයන් ලොකුපිටිය,කෝප්‍රල් රත්නසිරි,සුරංග ධර්මසිරි රාමනායක නියාමක උදාර ,රසික ,ධනුක,සමීර හා රියදුර රවීන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.