Spread the love

දිවයිනේ ගංවතුරින් යටවු ප්‍රදේශ වල බෝවන රෝග පැතිර යාමේ අවදානමක් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව සැලකිලිමත් විය යුතුය.

විශේෂයෙන් ගංවතුරට සහ ජල ගැලීම් වලට හසු වූ පානීය ජල ළිං ක්ලෝරින් යොදා පිරිසිදු කිරීමෙන් තොරව භාවිතා කිරීම නුසුදුසුය,ජලයට යටවූ පළා වර්ග ,එළවළු සහ පලතුරු ආදිය ආහාරයට ගැනීම මගින් පාචනය ,කොලරාව ආදි බෝවන රෝග වැළදිය හැකි බව පැවසීය.

හැකිතාක් මේ දිනවල ජල ගැලීම් සිදුවූ ප්‍රදේශ වල ජනතාව ජලය උණුකර නිවා පානය කිරීම සහ අමුවෙන් ගන්නා ආහාර වර්ග සීමිත කාලයකට නොගෙන සිටීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය