Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් (01) අද පස්වරු 04.00 පමණ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට බලපෑම් එල්ලවී ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

ගංවතුර හේතුවෙන් පවුල් 62 කට අයත් පුද්ගලයන් 174දෙනෙකු පීඩාවට පත්ව තිබේ.ජීවිත හානි සිදුව නොමැති බව එහිදී පැවසීය.නිවාස අර්ධ හානි 62ක් මේවන විට  වාර්තාවී තිබේ.

මේ වන විට ආපදා සහන සේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව ලේකම්වරයා පැවසීය.ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.