බ්‍රසීලයේ සිට දෝහා හරහා කටාර් ගුවන් සේවයේ QR 664 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ටියුනීසියානු ජාතිකයෙකුගේ ගමන් බෑගයේ සගවා තිබු රුපියල් මිලියන 180 කට කොකේන් තොගයක් අද පෙරවරුවේ ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකි. සැකකරු පිළිබද ඇතිවු සැකයක් මත පරික්ෂා කිරීමේද කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 527ක් නීතිවිරෝධී ලෙස තම ගමන් බෑගය තුළ සඟවාගෙන පැමිණ සිටියදී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් සමත්වි ඇත.

. සැකකරු රේගු පරීක්ෂාවෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර ආයතනයක සම්බන්ධතා ඇති බව හැඟෙන පරිදි ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කරන ලදී .
.මෑත කාලයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගන්නා ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රමාණය මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේය.
