Spread the love

කොළඹ නුවර මාර්ගයේ යක්කල 31/3 පාලම තුළ එළා ඇති තාවකාලික ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් (15) හෙට පස්වරු 02.00 සිට (16) අනිද්දා පෙරවරු 06.00  දක්වා පැය 16 කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.


ඒ අනුව ගම්පහ නගර සභා සීමාව ,කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හංදිය සිට අළුත්ගම බෝගමුව පල්ලිය පාර දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමැතිය හැකිය.