ගම්පහ දිස්ත්‍රික් නව සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස ජේ.ඒ්.ඩී. ශානිකා ජයසිංහ මහත්මිය ඊයේ (27) පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් වැඩ භාර ගැනීම සිදුවිය. මෙම අවස්ථාවේදි මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් දේශනා කරමින් නව අධ්‍යක්ෂතුමියට ආශිර්වාද කෙරිණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස පරිපාලන සේවයට එක්වූ එම මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද ඉන්පසු බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද ලෙසද කටයුතු කර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා උපාධිධාරීයෙකු වන නව සමෘද්ධි අධ්‍යක්ෂ ශානිකා ජයසිංහ මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධාරිණියක් වන අතර මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මෙම වැඩභාර ගැනීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි, සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්. නිලන්ති කුමාරි , හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ , මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් එම් පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් එක්විය.