ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යනු ලබන ගරාජ්, විධිමත්ව ලියාපදිංචි කිරීම පිළිබඳව ගරාජ් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙම වැඩසටහනේදී ජාතික ප්‍රවාහන තේරීම් කමිටුව මගින් සකස් කරන ලද වාර්තාව එළිදැක්වුණු අතර එහි අංශ 16ක් යටතේ යෝජනා 50ක් ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී දීර්ඝ කාලයක් ගරාජ්වල සේවය කරන සේවකයින් සඳහා වෘත්තීමය නිපුණත්වයක් ලබා දීමේ අරමුණ ඇතිව පහසුවෙන් nvq level 4 සහතික ලබාගැනීම පිළිබඳව වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ගරාජ් හිමියන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගි වූ ගරාජ් හිමියන් ප්‍රකාශ කළේ, තම ගරාජ් රජයේ ආයතනයක් යටතේ ලියාපදිංචි කිරීම ගැන තමන් සතුටු වන බවත් දීර්ඝ කාලිනව තමන් මුහුණ දුන් ගැටලුවලට මේ මගින් සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ය.
මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර කොමසාරිස් මිථිලා මාධවී යාපා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.