Spread the love

ගාල්ල -විජේසිංහ

ගලකටස් ගිනි අවි දෙකක් සමගින් සැකකරුවකු ගොඩහේන ප්‍රදේශයේ නිවසකින් අම්බලන්ගොඩ පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු ධීවර කර්මාන්තයේ නිරත 42 දි වියේ පසු වන නාමල් උයන ,ගොඩහේන අම්බලන්ගොඩ පදිංචි අයකු බව පොලිසිය පවසයි.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අදාල නිවස පරීක්ෂා කිරීමේදී ගිනි අවි සමගින් සැකකරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පවත්වයි.