
කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව ගල් බිංගෙය තිබෙන ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ නායයාම හේතුවෙන් එක මංතීරුවක රථවාහන ධාවනය සීමා කර තිබේ.
ඒ අනුව පැරණි ගල් බිංගෙය හරහා සැහැල්ලු වාහන සදහා විවෘත කර තිබේ.
මෙසේ නායයාම සිදුවී ඇත්තේ ගල් බිංගෙයට එහායින් තනා ඇති මාර්ගයේ කොටසකටය. මේ හේතූන් නිසා බර වාහන නාය ගිය ස්ථානය හරහා එක් මංතිරුවකින් ගමන් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.