Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජල යෝජනා ක්‍රම රැසක් මේ වනවිට ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඉන් බොහොමයක පළමු අදියරේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතියි.

දෙවන අදියරේ ඉදිකිරීම් ලබන වසර මුල ආරම්භ කිරීමට හැකි වනු ඇතිබව එම කාර්යාලය සදහන් කරයි.

මේ අතර හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ආරම්භ කර පානීය ජල වියාපෘති 22 න් 10 පළමු අදියරේ ඉදිකිරීම් ඉදිරි සති කිහිපයේ අවසන් කිරීමට හැකි බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.