ග්‍රාමිය සංවර්ධන කටයුතු වේගවත් කිරීම සදහා අයවැයෙන් මුදල් වෙන්කර දිස්ත්‍රික් ලේකම්වරුන් සදහා ලබාදීමට මුදල් අමාත්‍යංශය තිරණය කර ඇතිබව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍යවරයා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවති විඩියෝ සාකච්ඡාවකදී එම තීරණයට එළඹ තිබේ.
රැකියා උත්පාදනය ,ජීවනෝපාය ඇතුළු සංවර්ධන කටයුතු සදහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මුදල් වෙන්කිරීමට නියමිතයි.
ඒ අනුව එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් මිලියන 200ක් අයවැයෙන් වෙන්කිරීමට නියමිතයි.ග්‍රාමිය සංවර්ධනයට අයවැයෙන් වෙන්කරන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දෙනුයේ ඉතිහාසයේ පළමු වතාවටයි. මීට පෙර සිදු වූයේ එලෙස වෙන්කර මුදල් අදාළ අමාත්‍යංශ වෙත ලබාදීම සිදුවිය.
