Spread the love

ගාල්ල වරාය සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් ඉදි කෙරෙන ව්‍යාපෘතියක් නොවන බව, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කලේ, ගාල්ල වරායේ සංවර්ධන සැළසුම් පිළිබඳව ප‍්‍රායෝගිකවම සොයා බැලීම පසුගියදා එහි සිදුකළ නිරික්ෂණ චාරිකාවදීය.

ගාල්ල වරාය සංවර්ධිත වරායක් බවට පත්කිරීමට විශාල උත්සාහයක් සිදුකල පුද්ගලයා ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිචඞ් පතිරණ මහතායි.. එලෙස එම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස දිගින් දිගටම යතාර්ථයක් නොවී ඇති පසුබිමක එම සිහිනය ගාල්ල වරාය තුළ යථාර්තයක් කිරීමට තමන් කැපවන බවයි. ගාල්ල වරාය සංවර්ධනය සාම්ප‍්‍රදායික සංවර්ධන ප‍්‍රවේශයකට එහා ගිය නූතන ව්‍යාපාරික හා තාක්‍ෂණික ඥාණය සම්පිණ්ඩනය වූ දැක්මකින් යුතුව සිදුකල යුතුයි.


ඒ සඳහා එම යථාර්තය අවබෝධ කරගනිමින්, ගාල්ල වරාය සේවක පිරිස කැපව කටයුතු කළ යුතු අතර ලෝක භූ දේශපාලනික හා නව ව්‍යාපාරික ප‍්‍රවණතා පිළිබඳව අවබෝදයකින් මෙම ව්‍යාපෘතිය දෙස බැලිය යුතුයි.
සංචාරක ආකර්ශණය දිනාගනිමින් ඉතා දිගු ඉතිහාසයක් ඇති ගාල්ල වරාය, ‘‘සංචාරක වරායක්’’ ලෙස දියුණු කිරීමේ රජයේ ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැළසුම් කළයුතු බවද ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුදුසු සැළැස්මක්, ඇති බවද අවධාරණය කරන ලදී.
දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැළැස්මක්, රුවල් හා මගී නෞකා සහා වැඩි පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කරමින්, එම සැළැස්ම නිර්මාණය කොට ඇත.
ලෝකයේ ඉදිරි අනාගතය තුළ හඳුනාගත් අවස්ථා සමග ගාල්ල වරාය සංවර්ධනය සහයෝගීව කළ යුතුයි. ඒ සඳහා දැනටමත්, ආයෝජනය සඳහා කැමැත්ත (EOI) ප‍්‍රකාශ කළ ආයතන 03ක් ලැයිස්තු ගතව ඇති අතර ඉතා නුදුරේදීම එයින් තෝරාගත් සමාගම් සඳහා ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ය.
එමෙන්ම, ගාල්ල වරාය සංවර්ධනය කළ කිසිදු සේවකයෙකුගේ රැකියාවන් අනතුරකට පත්වන ආකාරයේ සැළසුම් නොමැති බව අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේ ය.
එමෙන්ම, මෙම ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට හා රටේ ජනතාවට ප‍්‍රතිලාභ රැසක් අත්වන ව්‍යාපෘතියකි බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය
නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු විධායක නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.