Spread the love



ජනඅරගලය පැවැත්වෙන ගාලුමුවදොර පිටියේ ඉතා රහසිගතව මහා පරිමානයෙන් මත්පැන් ජාවාරමේ නිතර පුද්ගලයකු වටලා රුපියල් පහලොස් ලක්ෂයක් වටිනා දේශීය හා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු කොළඹ සුපිරි වෙළද සංකීර්ණයක් තුළද බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ආපනශාලාවක්ද එම අවස්ථාවේදීම කොටු කර ගැනිමට සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් මිලි ලීටර් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක්(376,000) හා දේශීය මත්පැන් මිලි ලීටර් 1600 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
අදාල සැකකරු ‍ආපන ශාලාවට මේ වසර සදහා බලපත්‍ර ලබානොගෙන හොරට මත්පැන් අලෙවි කරන අතර ගාලුමුවදෙර පිටියේදීද මේ දිනවල ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බැවින් විදේශීය මත්පැන් තොගයක් ලගතබාගෙන වැඩි මිලට අලෙවි කරන බවටද සුරාබදු නිලධාරීන් ප්‍රශ්න කිරිමේදී අනාවරණය වු බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසුවේය.
.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි . සැකකරු ඉදිරියේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරිම් කපිල කුමාරසිංහ ,නියෝජ්‍ය සුරාබදු කොමසාරින් නීති ක්‍රියාත්මක කිරීම් ගාමිනී අධිකාරී යන මහත්වරුන්ගේ උපදෙස් මත,කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරි එච්.එච්.ඩී.ජයවර්ධන මහතාගේ සහගිත්වයෙන් ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත ,සුරාබදු පරීක්ෂක වරුන්වන ඉන්දික ප්‍රියශාන්ත ,ලලිත් කුමාර,අකිල රත්මලවින්න , කෝප්‍රල් 997 නිලන්ත ,නියාමකවරුන්වන 1141 රමිත,රියදුරු ජනිත,තිලිණ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.