Spread the love

දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් ගෙන ආ යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

බස් රථ මඟින්ගෙන් අය කරන ගාස්තුවෙන් හරි අඩක් දුම්රිය ගාස්තුව ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නැතහොත් පවතින ඉන්ධන පිරිවැය යටතේ දුම්රිය ධාවනය වැඩි කළ නොහැකි බවත් දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.