Spread the love

තමන් සතු ගෑස් තොග මේවන විට අවසන් වී ඇතිබව ලිට්රෝ සමාගම සදහන් කරයි.දිවයින ආසන්නයට පැමිණ තිබූ ගෑස් රැගත් නෞකාවකට අදාළ මුදල් ගෙවීමෙන් පසු පසුගිය (08) අඟහරුවාදා ගෑස් මෙට්ට්‍රික්ටොන් 3600 ගොඩ බෑම සිදුවිය.

මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික්ටොන් 1100කි.ඒ අනුව එම ගෑස් තොගය ප්‍රමානවත් වූයේ දින 03 බව එම සමාගම සදහන් කරයි.12.5kg,05kg සහ 02.3kg යන ගෑස් සිලින්ඩර 80000 පසුගිය අඟහරුවාදා වෙළද පොළට මුදා හැර තිබේ.(09) ඊයේ දිනයේ තවත් ගෑස් සිලින්ඩර 95000 වෙළද පොළට  නිකුත් කර තිබේ.

ඒ අනුව (10) අද දිනයේ වාණිජ කටයුතු සදහා තොග ලෙස ගෑස් ලබාදීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.මේ අතර කර්මාන්ත ශාලා සදහා 37.5kg ගෑස් සිලින්ඩර පමණක් වෙළද පොළට මුදා හැරීමට කටයුතු කරන බව එම සමාගම සදහන් කරයි.

ඒ අනුව අද සිට යළි වෙළඳ පොළේ ගෑස් හිඟයක් මතුවෙයි.දිවයින ආසන්නයට ගෑස් තොග රැගත් නෞකා දෙකක් පැමිණ තිබේ.එම නෞකා නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති වීම ගැටලුවක් වී තිබේ.