තායිලන්තයේ සියාම් සමාගමෙන් ආනයනය කරන ගෑස් තොග මේ මාසයේ අවසන් සතිය වනවිට මෙරටට ලැබෙනු ඇතිබව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
ගෑස් ආනයනය කිරීමේ ක්‍රියාවලිය මේවන විට ආරම්භ කර තිබේ.වසරක කාලයක් සදහා එම සමාගමෙන් ගෑස් මිලදී ගැනීම සදහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.පවතින තත්වය තුළ ඉදිරි සති 02 කාලය තුළ අනෙකුත් සැපයුම් කරුවන්ගෙන් ගෑස් තොග දිවයිනට ළඟා වනු ඇතිබව සභාපතිවරයා පැවසීය.
මේ අතර තවත් දින 05 පසුව ගෑස් තොග ලැබෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා පැවසීය.පසුගියදා විවෘත්ත කර ණය වර ලිපි කිහිපයකට අදාළව එම ගෑස් තොග ලැබෙනු ඇතිබව වැඩිදුරටත් සභාපතිවරයා පැවසීය