Spread the love

හෙට(27) දිනයේ ද ගෑස් ලබා ගැනීමට වෙළද සැල් කරා නොපැමිණෙන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව හෙට දිනයේ ද කිලෝග්‍රෑම් 12.5,කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 02.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව පැවසීය.

මේ අතර මේවන විට මුදල් ගෙවූ ගෑස් නෞකා දෙකක් දිවයිනට ළඟාවෙමින් තිබේ.ඉන් එක් නෞකාවක් හෙට දිනයේ දිවයිනට ළඟාවීමට නියමිතයි.අනෙක් නෞකාව ලබන (29) ඉරිදා දිවයිනට ළඟාවීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.

එම නෞකා දෙකෙන් ගෑස් මෙට්ට්‍රික්ටොන් 7500 රැගෙන එන බව පැවසීය.පළමු නෞකාව හෙට දිවයිනට ළඟාවු පසු ලබන (28) සෙනසුරාදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමට පියවර ගන්නා බව එහිදී පැවසීය.


ගෑස් තොග අනිසි ලෙස රැස් නොකිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.
මේ අතර වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිළදී ගැනීම සිදු නොකරන ලෙස මහජනතාවට දැනුම් දෙයි.