Spread the love

මහනුවර දිස්ත්‍රික් ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් ගෑස් බෙදාහැරීම නතරකොට අලෙවි නියෝජිතයින් හරහා පමණක් ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබීම නිසා එහි සිටි මගීන් කුපිත වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හට හටගෙන තිබිණි.
ඒ ගෑස් පෝලිම් ඊයේ දිනයේ දැඩි ලෙස දක්නට තිබිණ. ජනතාව දින ගණනක් ගෑස් බෙදාහැරීම් මධ්‍යස්ථාන අසල සිටියත් ගෑස් ගන්නට නොහැකිව දැඩි ලෙස හෙම්බත්වී සිටි මොහොතක මෙසේ මගීන් කුපිත වුහ.

එහිදී ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබුණි. පසුව ගෑස් ලබාදීමට කටයුතු කෙරුණේ පොලීසියේද මැදිහත්වීමෙනි.

තවමත් ගෑස් නොලැබුණු බව පවසමින් දර්ගා නගරයේ ජනතාව ඊයේ අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය.