Spread the love

අනිද්දා(08) දක්වා ගෑස් පෝලිම් වෙත නොපැමිණෙන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

අද (06)දිනයේ ගෑස් මෙට්ට්‍රික්ටොන් 2000 නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතයි.එම ගෑස් තොග අද සහ (07) හෙට දින ගොඩබෑමෙන් පසු බදාදා වනවිට බෙදා හැරීමට හැකි වනු ඇතිබව පැවසීය.

ලිට්රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සභාපතිවරයා පැවසීය.මේ අතර ලාෆ් ගෑස් මිළ ඊයේ (05)දින ඉහළ දැමූ බවද එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා පැවසීය.