Spread the love

හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 180 ත් 220 ත් අතර මිලකින් පහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජේෂ්ඨ නිලධාරියකු පවසයි.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ සෑම ගෘහස්ථ ගෑස් සිලින්ඩර වර්ගයකම මිල හෙට දිනයේදී අඩු කෙරෙනු ඇති. 

ඉකුත් මාසයේ හඳුන්වාදුන් ගෑස් මිල සූත්‍රයට අනුව ගෑස් මිල යලි පහළ දැමීමට තීරණය කර ඇතැයි ලිටේ්‍රා් ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉකුත් දා පැවසීය. එම මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම 05 වනදා ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතයි.