Spread the love

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීම ට ඉල්ලීමක් කර ඇති බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

පීරිස් මහතා එසේ් පැවසුවේ අද (15) පෙරවරුවේ කොළඹ ලිට්‍රෝ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩභාර ගත් අවස්ථාවේදීය.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා ඉදිරි මාස 4කට මෙරටට ප්‍රමාණවත් ගෑස් තොගයක් සැපයීමට අදාළ ගෑස් සැපයුම්කරුවන් සූදානමින් පසුවෙන බවය.

මේ වනවිට මෙට්‍රික් ටොන් 3,900කට ආසන්න ගෑස් තොගයක් නෞකාවෙන් ගොඩබාමින් තිබෙන බවත් එය ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒකෙන් මේ තිබෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.