ලාෆ් සමාගම ද අද දිනයේ මිල ඉහළ දැමීම සිදුවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කරනවා.
එම තීරණය ට අනුව නව මිල ගණන් යටතේ හෙට (11) දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේය.
ගෑස් සමාගම් විසින් සිදුකළ ඉල්ලීමට අනුව ගෑස් රුපියල් 550කින් ඉහළ දැමීමට පසුගියදා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වුවද ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී නොතිබුණි.
අදාළ සමාගම් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් මත කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරිමට රජය තීරණය කළේය.
ආනයනික කිරිපිටි සමාගම් විසින් ඊයේ (09) දිනයේ සිට සිය නිෂ්පාදනවල මිල ඉහළ දෑමීමට තීරණය කර තිබේනවා.
කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව එම සමාගම් පවසනවා.
කිලෝඑකක කිරිපිටි පැකට්ටුවක් සදහා නව මිල රුපියල් 1195ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස ද ඉහළ ගොස් තිබෙනවා.
