Spread the love

ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරිමට ආනයන අපනයන පාලකවරයා විසින් අවසර ලබාදුන් බව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියද ඉල්ලිමක් කර තිබිණි.

ඊට අදාලව ඉදිරියේදි ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට නියමිතයි. එමගින් ගෑස් ආනයනය කරන සමාගම් ඒවා පිහිටි රටවල් කර්මාන්ත ශාලා ආදිය පිළිබඳව ගැටලු කිහිපයක්ම නිරාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

වර්තමානයේදි මෙරටට ගෑස් ආනයනික රට ලෙස මාලදිවයින හැඳින්විය හැකිය.