Spread the love

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම් වල ඉහළ කළමනාකාරීත්වය ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පත්කර කමිටුව හමුවට (06) අද කැඳවා තිබේ.

එහිදී ගෑස් වල ප්‍රමිතිය ,ඇසුරුම් කරනය,බෙදා හැරීම ඇතුළු සියලු අංශවල ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර බෙදා හැරීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසීමට නියමිත බව එම කමිටුව පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිෂ්පාදන සහ ඇසුරුම් අංශය පසුගියදා නිරීක්ෂණය කර තිබේ.

ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියේදි නිරීක්ෂණය කරන බව එම කමිටුව පවසයි.

මේ වනවිට ගෑස් පිපිරීමට ලක්වූ ස්ථාන 09ක් නිරීක්ෂණයට ලක්කර ඇති අතර තවත් ස්ථාන  15ක් නිරීක්ෂණය කිරීම සදහා සැලසුම් කර ඇතිබව එම කමිටුව වැඩිදුරටත් සදහන් කරයි.