පාරිභෝගික කටයුතු අධිකාරියේ දැනුම් දීම අනුව වෙළඳ පොළෙන් එකතු කරන ගෑස් සිලින්ඩරවල ගෑස් ඉවත් කිරීම සඳහා මාස දහයකට අධික කාළයක් ගතවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
සංයුතිය පිළිබඳ ගැටළුව හේතුවෙන් වෙළඳ පොළෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දෙක හමාරක් එකතු කර ගැනීමට නියමිතව තිබේ.
එම සිලින්ඩර වලින් දිනකදී ගෑස් ඉවත් කළ හැක්කේ සිලින්ඩර සියයක පමන බව එම සමාගම සදහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී වෙළඳ පොළට ගෑස් නිකුත් කිරීමට අවශ්‍ය ගෑස් සිලින්ඩර හිගවීමේ අවධානමක් පවතියි.
