Spread the love


කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක අද පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාල සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට අද රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීරණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සළසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන ඇති බව වාර්තා වෙයි . ගින්න මේ වනවිට මුළු මනින්ම නිවාදමා ඇත..