Spread the love

තොටළඟ – කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති අතර පුද්ගලයින් 220 ක් පමණ අවතැන්වී ඇතැයි පොලිසිය පවසයි.

ගිනි රථ 13 ක් පමණ ගොස් පැය දෙකකට පමණ කාලයකදි ගින්න මැඩ පැවැත්වු අතර ගින්න හටගත් ප්‍රදේශයට ගිනි රථ වලට යාමට නොහැකිව දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබිණ.

ඊයේ (27) රාත්‍රී හටගත් මෙම ගින්න ගිනි නිවන සේවා දෙපාර්තුමේන්තුව , පොලිසිය හා යුද හමුදාව එක්ව පාලනය කිරීමට කටයුතු කර ඇත.