Spread the love

අම්පාර ඉගිනියාගල ගල්ඔයපල්ලම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු ඉගිනියාගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ළඟ තිබී බෝර 12 වර්ගයේ තුවක්කු සදහා යොදා ගන්නා ජීව පතොරම් 02ක් හා අඩි 11 ක් දිග සේවා නූලක් අත්තඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ඉගිනියාගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු (24) අද අම්පාර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉගිනියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.