Spread the love

මෙරට මුහුදු තීරයේ ගිලුණු නැව් හා ගුවන් යානා පිළිබඳ සියලු දත්ත අන්තර්ජාලයට එක්කිරීමට පියවර ගත් බව මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

Www.ccf.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් එම තොරතුරු ලබා ගත හැකිය.ඒ අනුව ගිලුණු නැව් 101 සහ ගිලුණු ගුවන් යානා 06ක සමිස්තර තොරතුරු ලබා ගත හැකිය.

කිමිදුන් සංචාරක කර්මාන්ත දියුණු කිරීම සදහා මෙම පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.