Spread the love

දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇතිබව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

දෙමළ මාධ්‍ය විෂය ඒකක 26 පුරප්පාඩු පවතින බව පැවසීය.ඒ සදහා උපාධිධාරී,උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස්පෙල සමතුන් ගුරු සහායකයින් ලෙස බදවා ගැනීමට අයදුම්පත්‍ර කැඳවා ඇතිබවද පැවසීය.

අයදුම් පත්‍ර බාගත කර ගැනීම සදහා සහ වැඩිවිස්තර සදහා www.edumin.sp.gov.lk යන දකුණු පළාත් අධ්‍යපන අමාත්‍යංශයේ  නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස ඉල්ලා සිටියේය.අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය ඔක්තෝබර් 22 බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.