Spread the love


මේ ආණ්ඩුව ගුරුවරුන්ට ගරු කරන , ගුරු වගකීම් පිළබදව හොදින් තේරුම්ගත් , ගුරු සේවය අගය කරන ආණ්ඩුවක් බැවින් ආණ්ඩුවත් සමඟ සහයෝගයෙන්, අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ගුරුවරුන්ගේ සියලු ගැටලු විසඳාගැනීමට හැකි වෙන බව විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ආණ්ඩුව පිහිටුව අවස්ථාවේ ගුරුවරුන්ගෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. පටු පරමාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට ක්‍රියාකරන යම් යම් පිරිස් විසින් මෙම ගුරු ගැටලුව මුවාවෙන් ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු කරන නමුත්, උගත් බුද්ධිමත් පිරිසක් වශයෙන් එම තත්ත්වයන් අවබෝධ කරගන්නා ලෙස මම ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා. ගුරුවරුන්ගේ මෙම ප්‍රශ්නයට අමතරව, ඔවුන්ගේ තවත් දැවෙන ප්‍රශ්නත්, විශේෂයෙන් මේ වනවිට පැනනැඟී ඇති වැඩබලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයටත් ලබන වසර මුල වනවිට සාර්ථක විසදුම් ලබාදෙනවා යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරයි.


අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව, ඊයේ (09) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ශ්‍රීලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පස්වැනි වාර්ෂික සම්මේලනයට, විදුලිබල අමාත්‍යවරයා ලෙස හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වරයා ලෙස සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලොකුගේ මහතා, යහපාලන ආණ්ඩුව තිබූණ සමයේ, අපේ ගුරු සංගම් වලට හැකිවුණේ නැහැ එකම දවසක්වත් ගුරු වැටුප් වැඩි කරන්න, වැටුප් විශමතා ඉවත් කරන්න කියලා ඔවුන්ට ඉල්ලීම් කරන්න. නමුත් අද ගුරු සංගම් වලට අපේ ආණ්ඩුවට පෙන්වා දෙන්න හැකිවුණා ඔවුන්ගේ මෙම
විශමතාවන් ඉවත් කරලා දෙන්න කියලා. ඔවුන් ඉදිරිපත් කළ සුබෝධිනී කමිටු වාර්ථාවන්ට අනුව අපේ පක්ෂයට මෙන්ම ආණ්ඩුවට පැහැදිළි වුණා, ගුරු වැටුප් විශමතාවක් තිබෙන බවත්, එය ඉවත් කළයුතු බවත්. නමුත් මෙම සුබෝධිනී කමිටු වාර්ථාව එන විට, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටිලා, ඔවුන් ඉල්ලන ඒ මුදල් ගෙවාගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබුණේ.
ඒත් ආණ්ඩුව කිව්වේ නැහැ එය ගෙවන්නේ නැහැ කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ යන මහතුන් කිව්වේ, මෙම මුදල ගෙවිය යුතු බවයි. එතුමා ඒ පිළිබඳව කටයුතු කිරීමටත් අමාත්‍ය කමිටුවක් පත්කරලා, එහි තීරණ මත අදියර කිහිපයක් යටතේ මෙම ගුරු වැටුප් විශමතා විසඳන්න අද යෝජනා වෙලා තිබෙනවා.

.