Spread the love


ඉදිරි කාල සීමාවේදී සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.ඇමතිවරයා මෙම අදහස් පළකලේ සංචාරකයින් අපහසුතාවයට පත්වීම අවම කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීම ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවට එක් වු අවස්ථාවේදීය.
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව යාම සඳහාත්, සිය ගමන්මලු ලබා ගැනීම සඳහාත්, රේගු සේවා සඳහා ත් වෙන වෙනම කුටි සකසන ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් සමග සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙරෙහි බොහෝ රටවල අවධානය යොමු ව තිබේ.

දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති බවත් ඉදිරියේ දී එය සංචාරකයින් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසංගත රෝග පාලනය කිරීමට අදාල සෞඛ්‍යය නිර්දේශ අනුගමනය කරමින් ගුවන්තොටුපල කටයුතු පවත්වා පවත්වාගෙන යාම කෙරෙහි මේ කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා ගේ අදහසයි.
.
මෙම අවස්ථාවට ගුවන් සේවා හා ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජිව් සූරියාරච්චි, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන්, ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ද එක් වූහ