Spread the love


ගුවන්තොටුපල පිරිිසිදු කිරීම් අධික්ෂකවරයෙකු රුපියල් මිලියන හැත්තෑවක්(70) වටිනා රන් බිස්කට් තොගයක් සිරුරේ සගවා ගෙන ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමේ දී ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් රත්රන් තොගයේ ග්‍රෑම් 4848 ක් බරති රන් බිස්කට් 48 ක් සොයා ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

විසිපස් හැවිරිදි පිරිසිදු කිරිම් සේවකයා අද අළුයම 02.00 පමණ අදාල රන් බිස්කට් තොගය සිරුරේ සගවාගෙන ගුවන් තොටුපලින් පිටතට රැගෙන යාමේදී කළ පරිික්ෂාවකදී මෙම රත්රන් තොගය සොයා ගැනීමට ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්විි ඇත.


එසේ අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ රාජසන්තක කරන ලද අතර ඉදිරි විමර්ශනය කටයුතු, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ සහ සමාජ ආරක්ෂක අංශයේ ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මත, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය ‍රේගු අධ්‍යක්ෂ වරයාගේ සහ රේගු අධිකාරී වරුන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.