Spread the love

ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම යනු සම්පූර්ණයෙන්ම රජයට අයත් පුද්ගලික සමාගමකි. අපි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව තුළ අපට අයත් ගුවන් සීමාව ඇතුළත ගුවන් තොටුපළ සේවා සහ ගුවන් සංතරණ සේවා සපයන්නෙමු. එක්සත් රාජධානියේ ලන්ඩන් හි පිහිටි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ශේ‚ගත කිරීමේ සංවිධානය වන Skytrax විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිරන්තරයෙන් ඉහළ අගයක් ලබා ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Global Region-Indian/South Asia විසින් 2022 වසරේ හොඳම ගුවන් තොටුපල කාණ්ඩයේ 5 වන ස්ථානය හිමිකරගෙන ඇතැයි අලෙවි කළමණාකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පවසයි.
මේ වන විට අප සමාගමේ සේවකයන් 4,000කට ආසන්න පිරිසක් සේවය කරනු ලබයි.

2019 වර්ෂයේදී සිදුවූ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව මුහුණ දුන් කොවිඩ් – 19 වසංගතයත් සමඟ ඇති වූ ආර්ථීක අවපාතයට පෙර,අප ලාභාංශ සහ බදු මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට නිතිපතා විශාල අරමුදල් ප්‍රමාණයක් අඛණ්ඩවම ලබා දුන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් ලාභ උපයන රාජ්‍ය අංශයට අයත් පුද්ගලික ව්‍යාපාරයක් විය. පහත වගුවේ දැක්වෙන්නේ 2009 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ අප සමාගමේ මූල්‍යමය තත්ත්වයයි.

2022*   2021    2020    2019    2018    2017    2016    2015    2014    2013    2012
2011    2010    2009

බදු ගැලපීමට පෙර ලාභ / අලාභ (රුපියල් මිලියන) (1,912) (961) (3,733) 15,222 10,458 10,820 6,909 2,378 5,496 4,746 3,859 2,140 2,260 2,071
මූලාශ්‍රය: ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2010-2021 *2022 පළමු මාස 6
ඉහත දත්තයන් සලකා බලන කල, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සුවිශේෂී ලෙස ක්‍රියා කළ බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත්, සමස්ත ගෝලීය ගුවන් සේවා අංශයම අඩපණ කළ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්, ජාත්‍යන්තර මගී සහ ගුවන් යානා සංචලනය පහත වැටීම ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම හි ආදායමටද දැඩි ලෙස බලපෑවේය. උදාහරණයක් ලෙස, සිංගප්පූරුවේ චැංගි අන්තර්ජාතික ගුවන්තොටුපළේ මගී සංචලනය 2019⁄2020 දී මිලියන 62.9 සිට 2020⁄2021 වන විට මිලියන 1.1 දක්වා අඩු වී ඇති අතර, සමස්ථ ආදායම සිංගප්පූරු ඩොලර් මිලියන 3,119 සිට සිංගප්පූරු ඩොලර් මිලියන 697 දක්වා පහත වැටී ඇත.

කොවිඩ්-19 වසංගත හා ආර්ථීක අවපාතය හමුවේ වුවද, අප රටට පිවිසීමේ ප්‍රධානතම ද්වාරය ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, 2021 දී රුපියල් මිලියන 3,967 සහ 2022 ජුනි මාසය තෙක් රුපියල් මිලියන 16,715 ක ලාභයක් ද වාර්තා කළේය. තත්වය එසේ වුවත්, සමස්තයක් ලෙස සමාගමේ මෙහෙයුම් අලාභයක් වාර්තා වන්නේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය මත විදේශ විනිමය වශයෙන් ණය වාරික ආපසු ගෙවීම හේතුකොටගෙනය. 2019 ට පෙර අප දූරදර්ශී ලෙස ගොඩනගා ගත් සංචිත සහ මෙකී කාලවකවානුව තුළ උපයාගත් ඉතා අඩු ආදායම් තත්වය යටතේ මෙම අභියෝගාත්මක කාල සීමාවේදී අප සමාගම නිසි පරිදි රජයට කිසිදු බරක් නොවී කළමනාකරණය කර පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු කළ බව මෙහිලා අප අවධාරණය කිරීමට කැමැත්තෙමු. මෙහිදී අවධාරණය කරනු ලබන තවත් එක් සුවිෂේශී කරුණක් වන්නේ, මේ කිසිදු කරුණක් හේතුවෙන් තව දුරටත් කිසිම අයෙකුට ඔවුනගේ රැකියා අහිමි නොකර අප අපගේ මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමයි. තවද, රජය සතු කීර්තිමත් ව්‍යවසායයක් ලෙස අප ශ්‍රී ලංකා රජයට ලාභාංශ සහ බදු ගෙවමින් අපගේ ජාතික වගකීම මේ තාක් නොපිරිහෙලා ඉටු කර ඇතැයිද අලෙවි කළමණාකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවෙය.