Spread the love

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට දේශීය ආහාර වේලක් ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ආවේණික පෝෂ්‍යදායි ආහාර වේලක් ගුවන් යානය තුළදී ලබාදීමට ඉදිරියේදී කටයුතු කෙරේ.
ආහාර වේල හදුන්වාදීම පසුගියදා කටුනායක ගුවන්තොටුපලේ සෙරෙන්ඩිබ් ශාලාවේදී සිදුකෙරිණ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ මෙරටට පැමිණෙන සංචාරකයෙකුට ශ්‍රී ලංකාව පිලිබද පලමු අත්දැකීම ලැබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළදී බවයි. එහිදී ඔවුන්ට දේශීය ආහාර වේලක අත්දැකීම ලබාදීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවද ඇමතිවරයා කිවේය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ ලෙක්ම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශොක් පතිරගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන්තොටුපල ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි යන මහත්වරුද සහභාගී වූහ